දඹුලූ නගර සබේ නමට පමණයි


දඹුලූ නගර සභාව පිහිටුවා වසර හතක් ගතවී ඇතත් නිල වාහන කිසිත් නැත. නගරාධිපති ජාලිය  ඕපාත මහතා වරෙක ගිනි නිවීමේ ඒකකයේ කැබ් රියක් පාවිච්චි කරයි. එය නැති විට පෞද්ගලික වාහන පාවිච්චි කරයි. ඒ සියල්ල නැති වූ විට හදිසියකදී ඔහුද නිලධරයෝද ගිලන් රිය පාවිච්චි කරති. නගර සභාවට අවශ්‍ය යටිතල පහසුකම් කිසිවක් ලැබී නැත.