දඹුලු විපක්ෂය ලූනු මාල දමයි


(කාංචන කුමාර ආරියදාස)

ලොකු ලූනුවලට මිලක් නැතැයි කියා ඊට විරෝධය දක්මනින් දඹුල්ල ප්‍රාදේශීය සභා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ලොකු ලූනුවලින් නිර්මානය කළ මල් මාලවක් පැළඳ අද පැවැති මහසභා රැස්වීමට පැමිණියහ.

වත්මන් ලොකු ලූනු මිල සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරු අතර වාද විවාද ඇති වූ අතර එහිදී සභාව තුළ උණුසුම් තත්වයක් ද ඇතිවිය.

දඹුල්ල ප්‍රාදේශීය සභා සභාපති ඩබ්ලිව් .එම් . තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සුපුරුදු පරිදි මාසික මහ සභා රැස්වීම ආරම්භ විය.

විපක්ෂය නියෝජනය කරන කේ .ජී .සෝමතිලක, ප්‍රියරංජන කුමාර, නන්දන සෙනවිරත්න, ජගත් සේනානායක යන මන්ත්‍රිවරු  සීගිරිය දඹුල්ල ප්‍රධාන මාර්ගයේ සිට ලොකු ලුනු වලින් සැකසූ මල් මාලා ගෙලේ දමා ගෙන ප්‍රාදේශීය සභා ගර්භයට පිවිසියේය.