දඹුලු ලූණු ගොවියා රකින්න රට ලූණු බද්ද ඉහළට


අද මැදියම් රැයේ සිට ලොකු ලූණු කිලෝවක ආනයන මිල රුපියල් විස්සකින් වැඩි කළ බව මුදල් අමාත්‍යාංශය කියයි. දැනට  අය කරන මිල කිලෝවකට රුපියල් දහයකි. මේ අනුව කිලෝවකට  රුපියල් තිහකින් වැඩි කරන බව අමාත්‍යාංශය සඳහන් කරයි.

දේශිය ලොකු  ලූණු  දැන් වෙළඳපොළට ලැබෙන හෙයින් දේශිය ගොවියා  රැක ගැනිමට  මෙම පියවර  ගත් බව රජය පවසයි.