දඹුලු ගොවියෝ මීනි පෙට්ටිත් අරන් මහා පාරේ


දඹුලු ගොවියෝ අද දෙවැනි දිනටත් වඩාත් දැඩි ලෙස ප්ලාස්ටික් කූඩයට එරෙහිව දඹුලු ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට විරෝධය දක්වන්නට වූහ. ගොවීහු පන්දහක් පමණ මීනිපෙට්ටි ද රැගෙන මහනුවර යාපනය ඒ නවය පාර මුළුමනින්ම සිය විරෝධය පළකළහ.  ආර්ථික මධ්‍යස්ථානයේ විවෘත කර තුබූ කඩ ද ඇතුළු කඩ 140 ම ඒ සමග වසා දැමිණි. එළවළු රැගත් කිසිම ලොරියක් අද එහි පැමිණියේ නැත.