දඹුලු කඩ කාමර 33 අවුරුදු බද්දට


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කඩ කාමර 33 අවුරුදු බදු ගිවිසුමක් යටතේ එහි ව්‍යාපාරිකයන්ට දීමට වෙළෙද අමාත්‍යංශය සැරැසේ. දැන් බදු දී ඇත්තේ දස අවුරුදු ගිවිසුමක් යටතේය. කඩයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ හත හතහමාරක් දෙවරකදී තැන්පත් කළ යුතු වෙයි. මාසික කුලිය රුපියල් 13450 කි.