දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරුට වහාම ස්ථානමාරුවක් ගෙන මාරුවී යන්නැයි ආහාර සුරක්ෂිතතා අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අද (04) දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ පැවැති රැස්වීමක දී නියෝග කළේය.
පසුගිය පොහෝ දින තමා බඩ ඉරිඟු මිල දී ගැනීමට ආර්ථික මධ්‍යස්ථානයට යන විට කළමනාකරු නොසිටි බව ද ඇමැති කීවේය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන නිලධාරීහු කියනුයේ පොහොය දිනවල එම මධ්‍යස්ථානය වසා තැබෙන බවයි.
අද ඇමැතිවරයා අතින් දඹුලු ආර්ථික මධ්‍යස්ථානයේ කඩ කාමර 30ක් සඳහා තිස් අවුරුදු බදු ඔප්පු බෙදා දෙනු ලැබීය.
ඇමැතිවරයා පිටව ගිය පසු එම අමාත්‍යංශයේ අතිරේක ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා නැවත එම සහතිකපත් එකතුකරගෙන ගියේය. ඔහු කීවේ එ්වා රෙජිස්ටර් කර නැති බවයි. ඔප්පු රෙජිස්ටර් කර නැවත දෙන දිනයක් කිව නොහැකි බව ද ඔහු කීවේය.

![DSC03778[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/DSC037781.jpg)
![DSC03796[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/DSC037961.jpg)
![DSC03813[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/DSC038131.jpg)



