දඹුල්ලේ වැවක් කැඩෙන්න ළඟයි
දඹුල්ලේ පහළ වැව වැව් බැම්ම හා පාලම කැඞී යෑමේ තර්ජනයක් ඇතත් වහා පිළියම් යෙදීමට මුදල් සතයක්වත් නැතැයි මාතලේ ආපදා කළමනාකරන සම්බන්ධීකරණ නිලධාරී ඉන්දික රණවීර මහතා කීය. පෙරදින මහා වැස්සෙන් වැවට හානි සිදුවිය.
දඹුල්ල ප‍්‍රාදේශීය ලේකම් ලක්‍ෂ්මී හේවාපතිරණ මහත්මියද එහි ගොස් සිදුවී ඇති හානිය පිරික්සුවාය.
මේ වැව කැඞී ගියහොත් දඹුල්ල රෝහල, නගර හා ආර්ථික මධ්‍යස්ථානයටද හානි විය හැකියැයි නගර වැසියෝ කියති.

