(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ ආහාර ගබඩාවකට ඉතා අපිරිසිදු තත්ත්වයේ සහ කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය ගබඩා කර තැබීම පරිප්පු තොග සඟවා තැබීම සහ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීම යන චෝදනා යටතේ නඩු පැවරීමට නගර සභා සෞඛ්‍ය අංශ අද( 12) නගරාධිපති ජාලිය ඕපාත මහතා නියෝග කළේය .
දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාට ලැබුණු තොරතුරක් මත ඒ මහතා පස්වරුවේ මෙම අතවශ්‍ය සේවා යටතේ ඇදිරිනීතිය කාලයේ පවත්වාගෙන යාමට අවසර දී ඇති ගබඩා පරිශ්‍රය පෞද්ගලිකව පරීක්ෂාවට ලක්කරනු ලැබීය.
එහිදී සේවකයන් රැසක් එම ස්ථානයේ ජනතාවට අතවශ්‍ය භාණ්ඩ ලොරිවලට පටවමින් සිටි අතර ගබඩා තුළ පරීක්ෂාකර බැලීමේදී පරිප්පු තොග රැසක් සඟවා තිබිණ දැකගැනීමට හැකිවිය.
ගබඩාව තවදුරටත් පරීක්ෂාකිරීමේදී කෘමීන් සහ මීයන් වීශාල ලෙස ග්‍රහණය වූ ස්ථානවල ගබඩා කර තිබූ හාල්මැස්සො තොගයක් ද සොයා ගත්තේය .එම හාල් මැස්සන් පෙට්ටි බොහෝමයක් හාල්මැස්සන් සමග මීයන් ආහාරයට ගෙන ඇති අයුරු එම ස්ථානයේ විශාල මි ගුහාවල් ද පැවති බව නගරාධිපති ජාලිය ඕපාත මහතා පෙන්වා දුන්නේය.
මෙම ව්‍යාපාරිකයන්ට සහ සේවකයාත් මුඛ ආවරණ පැළඳීමකින් තොරව නගරාධිපතිවරයා ඉදිරියට පැමිණ කතා කිරීමට යද්දී වහාම මුඛවාඩම් මුඛ ආවරණ පැළඳ ගන්නා ලෙස නගරාධිපතිවරයා පිරිසට අවවාද කරන්නට විය.
කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය සහ විකිණීමට ඇති ආහාර ද්‍රව්‍ය එකගොඩේ තබා තිබීම මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද මෙම ස්ථානයේ තිබී ඇති බව නගරාධිපතිවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම සබන් වර්ග සුවඳ විලවුන් වර්ග සහ බිස්කට් වර්ග මදුරු දගර එකටම ගබඩා කර තිබෙන බවද පෙන්වා දීම විශේෂත්වයකි.
එමෙන්ම සබන් වර්ග සුවඳ විලවුන් වර්ග සහ බිස්කට් වර්ග මදුරු දගර එකටම ගබඩා කර තිබෙන බවද පෙන්වා දීම විශේෂත්වයකි.
මේ දිනවල ජනතාවගේ වැඩි ඉල්ලුමක් ඇති නිසා කල් ඉකුත් වී ගබඩා කර ඇති ආහාර ද්‍රව්‍ය උත්සව සමයේ සහ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ බලපත්‍ර යටතේ අලෙවි කිරීමේ කුමන්ත්‍රණයක් මේ ක්‍රියාත්මක වන බව නගරාධිපති ජාලිය ඕපාත මහතා පෙන්වා දී මෙම පුද්ගලයන්ට දැඩි ලෙස අවවාද කර නගර සබාවේ මහජන සෞඛ්‍ය අංශ එම අවස්ථාවේදීම දුරකතයට කතා කොට ගෙන්වා ඔවුන්ට විරුද්දව නඩු පවරන ලෙස නියෝග කල අතර ලබන 15 දින වනවිට ගබඩාව සුද්ද පවිත්‍ර කර තබන ලෙස නියෝග කළේය.
මෙම ගබඩාවේ පරිප්පු සගවා නැතිබව එම වෙළෙන්දා නගරාධි පතිට ප්‍රකාශ කල අතර එහි සිටි නගර සභාවේ සේවකයකු ඔවුන්ගේ වෙළද සලට ගොස් පරිප්පු මිලදී ඇද්දැයි විමසා ඇත .පසුව වෙළදසැලේ පරිප්පු නැතිබව එම සේවකයා නගරාධිපතිවරයාට එම අවස්ථාවේදීම දැනීමත් සමග නගරාධිපති ජාලිය ඕපාත මහතා වෙළදසැල් හිමියාට දැඩි ලෙස අවවාද කලේ රජය අපහසුතාවයකට පත් නොවන සේ සේවා සපයන ලෙසද දැනුවත් කළේය.





