
(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද අලුයම විවෘත කිරීමත් සමඟ එළවළු කිලෝ ලක්ෂ සියයකට වැඩි ප්‍රමාණයක් දඹුල්ලට ලැබී ඇතැයි ව්‍යාපාරිකයෝ කියති.
දින ගණනාවක් තිස්සේ වසා දමා තිබීම නිසා තම නිෂ්පාදන විශාල වශයෙන් ගොවීන් රැගෙන ඒම සිදු කළ ද එළවළු මිල ඉතා ඉහළ අගයක් ගෙන තිබූ බව වෙළෙන්දෝ මෙන්ම ගොවීන් ද පවසති.
එ අනුව කැරට් බෝංචි මාළු මිරිස් ආදී කිලෝවක තොග මිල රුපියල් 200 ඉක්මවා පැවැති අතර පහතරට එළවළු වර්ගද රැසක මිල රුපියල් සියය 150 ඉක්මවා තිබීම විශේෂත්වයකි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට 29 දින මධ්‍යම රාත්‍රියේ සිට දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම එළවළු අලෙවි කිරීම සඳහා ගොවීන් මෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් වෙළෙන්දන් පැමිණ සිටින අයුරු දැක ගැනීමට හැකිවිය
අලුයම පහට ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමත් සමග පැමිණ තිබූ එළවළු ලොරි ආර්ථික මධ්‍යස්ථානය තුළට ඇතුළත් කර ගැනීමට පොලිසියට දැඩි වෙහෙසක් දැරීමට සිදු විය.
මහනුවර යාපනය ඒ නමය ප්‍රධාන මාර්ගය දෙපස කිලෝමීටර් ගණනාවක් යනතුරු දැඩි වාහන තදබදයක් ඇති වී තිබේ .එක් පසෙකින් එළවලු මිල දී ගැනීම සඳහා පැමිණි ව්‍යාපාරික ප්‍රජාව ගේ රථවාහන වලින් මෙන්ම එළවළු අස්වැන්න රැගෙන එන ගොවීන්ගේ රථ වාහන වලිඳ මාර්ගයේ දැඩි තදබදය දැකගැනීමට හැකිවිය


