දඹුල්ලට එන එළවළු වෙනත් මධ්‍යස්ථානවලට යවයි


( මහේෂ් කිර්තිරත්න)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත ගෙනන එළවලු තොග වෙනත් ආර්ථික මධ්‍යස්ථාන වෙත සෘජුවම රැගෙන යන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහන්දා නන්ද අලුත්ගමගේ මහතා ගොවීන්ට හා එළවලු එකතු කරන්නන් හට දැනුම් දුන්නේය.

දඹුල්ල ආශ්‍රිතව පවත්නා තත්වය පහව යන තුරු දින කීපයකට මෙම එළවලු තොග වේයන්ගොඩ, මීගොඩ, වැලිසර, නාරාහේන්පිට ආදී වෙනත් ආර්ථික මධ්‍යස්ථාන වෙත යොමුකරන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා මෙම ඉල්ලීම කළේය.

කොරෝනා වයිරස ආසාදිතයන් පිරිසක් හමුවිම හේතුවෙන් එම මධ්‍යස්ථානය දින කීපයක සිට වසා දමා ඇත.

මාතලේ දිස්ත්‍රික් කෝවිඩ් පාලන කමිටු රැස්වීමට දුරකථනය ඔස්සේ සම්බන්ධවෙමින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා ඇති බැවින් උද්ගතව ඇති තත්ත්වයට පිළියමක් ලෙස මෙම උපදෙස් ලබා දුන්නේය.