දඹුල්ල පොලිසියට ලොකු දඩයමක්


දිවයිනේ නමගිය අපරාධ කණ්ඩායමක තිදෙනෙක් දඹුල්ල පොලිසිය විසින් දඹුල්ලේ දී අද (03) අත්අඩංගුවට ගනු ලැබූහ. ගිනි අවි හා බෝම්බ විකිණී යැයි චෝදනා ලැබ උසාවි ඇප මත සිටි හමුදා ලුතිනන්වරයකු ද මේ අතර සිටින බව පොලිසිය කියයි. අනෙක් දෙදෙනා අපරාධ රැසකට හවුල්කරුවන් බවත් අවුරුදු 21ක සිරදඬුවම් නියමව සිට සිරේන් පැන ආ අයකු ද ඒ අතර සිටින බවත් පොලිසිය පවසයි. රුපියල් ලක්ෂ නවයක රන් බඩු හා ගිනි අවියක් ද උණ්ඩ 15ක් ද පොලිසිය සොයාගෙන තිබේ. මොවුහු ගල්කිස්ස, සපුගස්කන්ද හා දඹූල්ලේ පදිංචිකරුවෝ වෙති.