දඹානේ අවුරුදු පොජ්ජ


දඹාන ආදිවාසී ගම්මානයේ අලුත් අවුරුදු උළෙල අද (26) දඹාන ගුරුකුඹුර කොටබකිනිය ආදිවාසී ගම්මානයේදී ආදිවාසි නායක වන්නිල ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන්  ආදිවාසි විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් එහි සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

 ඔහුන්ගේ පරම්පරාවේ සාරධර්ම, සංස්කෘතියට අනන්‍ය වු ආකාරයෙන් මෙය සංවිධානය කර තිබිණි.

ඒ තැන මන්දොකරන තරග පොජ්ජ -  ගම ගෙදරින් වෙද ගෙදරට, කිරි කොරස් පොජ්ජ, දුනු ඊතල විදිම, ගල්දුන්නෙන් විදීම, ආදිවාසී කැකුළා හා කැකුළිය තෝරිම, හබක ඇට වීම, උගුල් ඇටවීම, ආදිවාසි ජන ගායනා, ආදිවාසි නැළවිලි ගී, වළස් පොරය, කඹ ඇදීම, දිගම හු තැන, දෙපටුල්ලන් ඇහිලීම(වී ඇට ඇහිදීම) , කද පල්ලී කද හරිනවා (බඹර කැපිම), රුකන් පොජ්ජෙන් කිරි ගෑවුම් පොජ්ජ මන්ද කරනවා, (ලී හිරමනෙන් පොල්ගෑම) ඇතුළුව මාමකැච්චක් තරග පොජ්ජ ඇත්තකයි.