
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ඵෙතිහාසික දඹදෙණිය පුරාවිද්‍යා වැඩබිම් කාර්යාලය පිහිටා ඇති භූමි ප්‍රදේශයේ නව කැණීම් කටයුතු ජාතික උරුම ප්‍රසාංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරිණි .
131 වැනි ජාතික පුරාවිද්‍යා දිනයට සමගාමීව මෙම කැනීම් කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනුුලැබීය.
ලංකාවේ පැරණි නගරවල භාවිතා වූ වළං කටුවල හැඩය හඳුනාගනිමින් කාල නිර්ණය කිරීම හා ඒ ඔස්සේ පර්යේෂණ කටයුතු සිදු කිරීමේ අරමුණින් මෙම කැණීම් සිදු කරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධාන පර්යේෂක ආචාර්ය ප්‍රියන්ත ජයසිංහ මහතා සඳහන් කලේය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අංශය සහ පර්යේෂණ අංශය ඒකාබද්ධ වී මෙම කැණීම් කටයුතු සිදු කරන අතර දිවයින පුරාම නගර ආශ්‍රිතව මෙවැනි පර්යේෂණ හා කැණීම් සිදු කිරීමට කටයුතු කරන බවද මෙහිදී අනාවරණය විය .



