(නිමල කොඩිතුවක්කු)
ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකික බෞද්ධ වන්දනාකරුවන් 300 කට අධික පිරිසක් නවදිල්ලියේ පිහිටි මහාබෝධි මධ්‍යස්ථානයේ මේ වනවිට රඳවා සිටින බව බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවැසීය.
ඔවුන් සදඟා අවශ්‍ය ආහාරපාන සහ සෞඛ්‍ය පහසුකම් ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.
ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකික බෞද්ධ වන්දනාකරුවන් 1200 ක් පමණ සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
ඔවුන් ඉන්දියාවේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ මෙහෙයවීමෙන් නවදිල්ලි සහ චෙන්නායි නුවර පිහිටි මහාබෝධි මධ්‍යස්ථානය හරහා සම්බන්ධ කරගනිමින් දිවයිනට රැගෙන ඒමට කටයුතු කරන බවද හරිස්චන්ද්‍ර මහතා පැවැසීය.

