දමිතාට-සැමියාට ඇප


(විමුක්ති එස් රුද්‍රිගු)

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(24) නියෝග කළේය.

අදාල චෝදනාව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ ප්‍රගතිය මත දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා පසුගිය 4 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් පිටතට පැමිණෙන අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගනු ලැබුවේය.