දම්වැලකින් බැඳගෙන උපවාසයේ


බදුරලිය රෝහල දින පහකට පසු විවෘත කැර ඇතැත් වෛද්‍යවරුන් නැතැයි ප්‍රදේශවාසීහු කියති.ප්‍රතිකාර ද නොකෙරේ.

රෝහල විවෘත කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා අද දෙවැනි දිනටත් පවත්වන උපවාසයට ජාතික නිදහස් පෙරමුණේ පාලින්දනුවර ප්‍රාදේශිය සභා මන්ත්‍රී ප්‍රියන්ත බෙල්ලන මහතා ද එක් විය.

දෙදෙනාම ලොරියකට සම්බන්ධ කළ යකඩ දම්වැලකින් අත් බැඳගෙන සිටිති.

උපවාසය කඩා කප්පල් කීරීමට උත්සාහා දරන පිරිසක් ඔවුන් වේදිකාවෙන් ඉවත්කරතියි බියෙන් එසේ බැඳගෙන උපවාස කරති.

පෙර දින තෙවරප්පෙරුම මහතාගේ රියට කිසියම් පිරිසක් පහරදී හානි සිදු කැර තිබිණී.

මේ අතර පළාත් සෞඛ්‍ය ඇමැති ජගත් අංගගේ මහතා පවසනුයේ රෝහලේ ප්‍රතිකාර ඇරැඹිම ගැන සිකුරාදා සාකච්ඡාවක් පවත්වන බවයි.