අම්පාර දමන කෙත්සිරිගම මාර්ගය පිළිසකර කර දෙන මෙන් ඉල්ලමින් ගම්වාසින් දහසකට වැඩි පිරිසක මහා වැසි නොතකා , වාහන ගමනාගමනය ද වළක්වමින් උද්ඝෝෂණයක් කළහ.
එම මාර්ගයේ ගමන් ගන්නා බස් 14ක් ද නතර කිරීමට සිදුවය.
වඩිනාගල කෙත්සිරිගම කළුගොල්ල හිදකළුගම මොරගහපල්ලම කොක්නාහර වැනි ගම් රැසක ජනතාව කියනුයේ වසර ගණනාවක් තිස්සේ පාර අබලන් වී ඇති බවයි. පාර මැද ජලාශ බවට පත්ව ඇත.





