(චන්දන උඩුවාවෙල)
පොසොන් පොහොය වෙනුවෙන් නියමිතව තිබු දන්සල්, තෝරන් ප්‍රදර්ශනය කිරීම් වැනි කටයුතු සදහා වෙන්කළ මුදල් වලින් කොටසක් ගංවතුරෙන් සහ නායයාම් වලින් අසරණව සිටින ජනතාව සඳහා බෙදා දීමට කටයුතු කරන්න යැයි අස්ගිරි මහානායක වරකාගොඩ ඥාණරතන මහනායක හිමියෝ ඉල්ලා සිටිති.
උන් වහන්සේ කියා සිටියේ ඇතිවී තිබෙන ආපදා තත්වය හේතුවෙන් අසරණ වූ ජනතාට අධාර උපකාර කරන ලෙස සමස්ත බෞද්ධ ජනතාවගේන්ම තමන් වහන්සේ ඉල්ලීමක් කරන බවයි

