දත්ත ආරක්ෂණ අධිකාරිය පිහිටුවීමේ පනත මැතිසබයට


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

දත්ත ආරක්ෂණ අධිකාරිය  නමින් වෙනම අධිකාරියක් පිහිටුවීමට රජය තීරණය කර ඇත.

මීට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අද (20) ඉදිරිපත්  කෙරිණ.මේ පිළිබඳ විවාදය ඉදිරි දිනවල පැවැත්වීමට නියමිතය.

පෞද්ගලික දත්ත සැකසීම නියාමනය කිරීම පිණිස ද  පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීමට  අදාළව දත්ත දායකයන්ගේ අයිතිවාසිකම් හඳුනාගැනීම සහ ශක්තිමත් කිරීම පිණිසද දත්ත ආරක්ෂණ අධිකාරිය නම් කිරීම පිණිසද ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද මෙම පනත් කෙටුම්පත  ඉදිරිපත් කර ඇත.