ගිය සිකුරාදා කොළඹ කොටුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රනිල් වික්‍රමසිංහ එජාප නායකයා මෛත්‍රිපාල සිරිසේන ජනපති ඉදිරියේ දිව්රුම් දුන්නේය.
වික්‍රමසිංහ මහතා අගමැතිවූ සිව්වැනි අවස්ථාව මෙයයි. උත්සවය බෑන් චූන් නොවීය. ඉතාමත්ම සරලය. මිනිත්තු 15කින් සියල්ලම අවසන් විය. රජයේ මුදල් වියදම් නොවූ තරම්ය. තානාපතිවරු, දේශපාලන නායකයන් ඇතුළු ප්‍රභූවරු එහි ආහ.
රූපවාහිනිය එම ඵෛතිහාසික අවස්ථාව සජීවී ලෙස වාර්තා කළේය. අගමැති දිවුරුම කියවීය. අතට අත දීම සිනහව ශාලාව පුරා දක්නට ලැබිණි. එම උත්තරීතර අවස්ථාව මිනිත්තු කිහිපයකින් අවසන් වූවත් මෛක්‍රෆෝනයේ ස්විච් යතුර ක්‍රියා විරහිත කිරීමට කාටදෝ අමතක වූ සැටිය. පිටට තට්ටු කරමින් (පිටුපසට පිහියෙන් ඇනීම පටන් ගැනීමට පෙර) අතට අත දෙමින් දේශපාලනඥයෝත් ප්‍රභූවරුත් තැන තැන සතුටු සාමීචියේ යෙදුණාහ.
කාගේදෝ කටහඬක් නැගී ආයේය. එය ශාලාව පුරා පැතිරී ගියේය. ‘මට දත් මදින්නත් බැරිවුණා.‘ කවුදෝ එසේ කීවේය. එය ඇසුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේ සිටි අයට පමණක් නොවේ. රට පුරාම රූපවාහිනී යන්ත්‍රවලින් ඒ කථාව විකාශනය විය. සජීවී විස්තර ප්‍රචාරය ඉන්පසු නතර විය. මෛක්‍රෆෝනය ප්‍රධාන පාලක මැදිරියට යොමු කැරිණි.

