ශ්‍රී ලාංකේය කලාකෙත අස්වද්දමින් රසික සිත පිනවාලූ තවමත් තරු අතර සිටින දීප්තිමත් තරුවක වන රවීන්ද්‍ර රන්දෙණිය කලාවට සහ සමාජයට සැබෑ මෙහෙවරක් කළ පුද්ගලයෙක්. ඔහු පේ‍්‍රක්ෂකයන්ගේ ආදරයට සහ ගෞරවාන්විත පිළිගැනීමට ලක්වූයේද ඒ නිසාමයි.
මෙවර සිත්ගත් රංගනයට ඔහු රඟපෑ දහස් සංඛ්‍යාත චරිත අතරින් දැඩි කතා බහකට ලක්වූ චරිතයක් ගැන කතා කරන්න හිතුවෙත් ඔහුගේ අතිවිශිෂ්ට රංග කුසලතාව හේතුවෙන්. දඩයම චිත‍්‍රපටයේ ඔහු රඟපෑ ජයනාන් චරිතය ඉතා දුෂ්ට වුවත් ලාංකීය පේ‍්‍රක්ෂකයන් ඒ චරිතයත් ඉතා ආදරයෙන් වැළඳගත් චරිතයක් වුණා.
ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ඔබ වෙනුවෙන්ම මෙවර සිත් ගත් රංගනයෙන් කතා කරන්නට හිතුවෙ ඒ චිත‍්‍රපටයට සහ රවීන්ද්‍ර රන්දෙණිය කලාකරුවාණන්ට ඔබ බෙහෙවින් ආදරය කරන නිසාමයි.
මුලින්ම දඩයම චිත‍්‍රපටයට සම්බන්ධ වුණ විදිය ගැන කතා කරමුද?
දඩයම චිත‍්‍රපටයට සම්බන්ධ වෙන්න එහි අධ්‍යක්ෂකවරයා වසන්ත ඔබේසේකර මහත්මයා තමයි ආරාධනා කළේ. ඒක සත්‍ය කතාවක් මත පදනම් වුණ නිර්මාණයක්. ඇඞ්ලින් විතාරණ මිනීමැරුම. ඒක ඒ විදියටම නෙමෙයි නමුත් මූලික කතා වස්තුව. ඒ වගේ සත්‍ය කතා කීපයක් පසුබිම් කරගෙන ඔහු චිත‍්‍රපට කිහිපයක් නිර්මාණය කළා. දඩයම කියන්නෙත් ඒ වගේ නිර්මාණයක්.
මෙහි ඔබේ චරිතය ගැන කතා කරමුද?
ජයනාත් කියලා පාසල් ගුරුවරයෙකුගෙ මේ චරිතය දුෂ්ට චරිතයක්. චරිතය භාරදෙද්දීම අධ්‍යක්ෂවරයා කියපු දෙයක් තමයි පෞද්ගලිකව මට මේ චරිතය හරියන්නේ නෑ කියලා. ඒ තරම් දරුණු අපරාධකාරයෙක්ගේ චරිතයක්.
නමුත් ඔහු මට තවත් දෙයක් කිව්වා. මේ චරිතය එක පැතිකඩක් නෙමෙයි විවිධ පැතිකඩ මතුවෙනවා. ඒක හොඳ රංගනයක් කියාලා. ඒ කරුණු දෙකත් සමඟම අවසානයේදී කිව්වේ වැරදි ප‍්‍රතිරූපයක් මතුවුණත් හොඳ චිත‍්‍රපටයක් හදන්්න සිනමාව වෙනුවෙන් මේ චරිතය භාරගන්න කියලා.
ඉතින් ඒ අභියෝගය බය නැතිව භාරගත්තද?
මම චරිතවලට බය නෑ. මම කළෙත් මම කවදාවත් හිතපු නැති චරිත. හොඳ සහ නරක දෙපැත්තම තියෙන චරිත කළේ. නමුත් මෙහි පිටපත කියෙව්වම නම් ඇත්තටම ඔළුව ගිනිගත්තා කොහොමද මේ චරිතය කරන්නේ කියලා. මොකද ඒ තරම් දුෂ්ටකම් පිරුණු චරිතයක්.
එච්චර දුෂ්ටකම් තිබුණු චරිතයක් නම් පේ‍්‍රක්ෂකයො කොයි විදියට ඒක භාරගනීද කියාල බයක් හිතුණෙ නැද්ද?
ඒක තමයි පේ‍්‍රක්ෂකයො ඒ චරිතයට ආදරය කරන්නේ නෑ. වෛර කරනවා. එතකොට ඒ චරිතය රඟපාන පුද්ගලයාටත් ඒ දේම වෙනවනේ. ආලෝකයක් නෙමෙයි අඳුරක්නෙ එන්නේ. ඒ නිසා තමයි මට හිතුණෙ මේ චරිතය කොහොමද කරන්නෙ කියලා. නමුත් පිටපත කියවලා ඉවර වුණාම හැඟීමක් ඇතිවුණා. මේ චරිතය අසීරු වුණත් හොඳ රංගනයක් කරන්න පුළුවන් අමුුද්‍රව්‍ය මේ චරිතෙ තියෙනවා කියන හැඟීම. ඒ නිසා මම බොහොම උනන්දුවෙන් ඒ කතාව කියෙව්වා. ඉතින් ඒ වෙලාවෙ මම තීරණය කර ගත්තා මාව අමතක කරලා මගෙ ප‍්‍රතිරූපෙට වෙන හානිය අමතක කරලා රංග අවස්ථාවක් තියෙන නිසා චරිතය තෝරාගත්තා.
ඒක දුෂ්ට චරිතයක් වුණත් ප‍්‍රතිචාර ඉහළයි නේද?
ඇත්තටම ඒ තිබුණු දුෂ්ටකම මම සිනමාවේ නෙමෙයි කිසිම චිත‍්‍රපටයක දැකලා නෑ. ඔහු පිළිවෙලට වැඩ කරන පාසල් ගුරුවරයෙක් හරි විනය ගරුකයි. ඇඳුම් පැළඳුම් පිළිවෙලයි. හැම දෙයක්ම මතුපිටින් විධිමත් විදියට සංවිධානාත්මක විදියට ජීවිතය ගත කරන කෙනෙක් වගේ. නමුත් ඇතුළාන්තයෙන් ඔහු ඊට හාත්පසින්ම වෙනස් කෙනෙක්. ඔහු තමාගෙ පන්තියෙ ශිෂ්‍යාවක් හාද කර ගෙන ඒ ශිෂ්‍යාව අමාරුවෙ දානවා. ඇය පාසැල් යන කාලෙම ගැබිණියක් බවට පත්වෙනවා. ඉතින් ඒ දීප්තිමත් ශිෂ්‍යාවගේ පාසල් ගමනත් ඉවරයි. ගමේ ජීවත්වෙන්න බැරි තරම් අවනම්බූවක් වෙනවා. ඒ තරම් ව්‍යවසනයක් කරලා මේ මනුස්සයා මඟ අරිනවා. පසුව මේ ගැහැනියගෙ ජීවිතේ සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. ඇයට අනාගතයක් නැහැ. අවසානයේ ටිකින් ටික ඇය දන්නා තොරතුරු ඔස්සේ මේ මනුෂ්‍යයාව හොයාගෙන යනවා. ඇය අමාරු දුෂ්කර ගමනක් පටන් ගන්නේ තරුණියක ලෙස ඒ සටන ලේසි නෑ. නමුත් ඇය ඒ සටන ගෙනියනවා. අවසානයේ ඇය මේ මනුෂ්‍යයාව හොයාගන්නවා. හොයාගෙන මේ සම්බන්ධය නැවත පටන් ගන්නවා. නමුත් නැවත නැවතත් රැුවටීමකට පමණයි ඇයව ලක් කරන්නෙ. ඇය නරක ගැහැනියක් බව ලෝකෙට හඟවන්නට ගණිකා නිවාසයකට පවා භාරදෙනවා. එතැනදී කෙනෙක්ට කියලා දුෂණය කරවනවා. එතැන් පටන් මේ ගැහැනිය මේ මනුෂ්‍යයා පිළිබඳ ඇතිවෙන්නෙ තරහක්, වෛරයක්. පසුව ඇය ඔහුව ලූහුබඳින්න පටන් ගන්නවා. ඒක තමයි දඩයම කියන්නෙ.
ඇය ඔහුට ජීවිතයක් දෙන්නෙ නෑ. ඇය කියනවා ඉස්කෝලෙට ඇවිල්ලා ලෝකෙට ඇහෙන්න උඔ ගැන කියල උඔව විනාශ කරනවා කියලා. එහෙම කියද්දී මේ මනුස්සයා නැවත බොරු ආදරයක් පෙන්නලා නැවත වතාවක් රවට්ටලා රෙජිස්ටාර් කාර්යාලයකට එක්ක ගිහන් බොහෝම ලස්සනට සාක්කි සහිතව පිරිසක් ඉදිරියෙ කසාද බඳිනවා. ඒකත් සම්පූර්ණ රැුවටීමක් බොරුවට තමයි කසාද බඳින්නෙ රවට්ටලා ගිහින් හනිමුන් යනවා කියලා යන්නෙ මහා වනාන්තරයකට ඒ ගිහින් වාහනේ අතරමඟදී හප්පලා ඒ ගැහැනිය වැටෙන්න ඇරලා අනතුරට භාජනය වුණු ගැහැනියගෙ ඇෙඟන් කිහිප වතාවක්ම රථය ධාවනය කරනවා. ඒ මොහොතේදීත් ඔහුටම දාව ඒ ගැහැනියට බිහිවෙන්න ඉන්න දරුවාත් කුසේ ඉන්නවා. ඒ තමාගේම දරුව උඩින් තමයි කාරෙක එහාට මෙහාට යන්නේ. ඉතින් මීට වඩා දුෂ්ටකමක් හිතන්නවත් පුළුවන්ද?
ඒ තරම් දුෂ්ට චරිතයක් වුණත් ප‍්‍රතිඵලය ඉතා සාර්ථකයි. විචාරකයො කිව්වෙත් මෙ චරිතය ලංකාවෙ ප‍්‍රධාන රඟපාන නළුවන්ගෙ හැරවුම් ලක්ෂ්‍යයක් කියලා. ඒ කියන්නේ ප‍්‍රධාන චරිත රඟපාමින් තමාට ලැබෙන ප‍්‍රතිරූප තියෙනවනෙ වීරයා, පේ‍්‍රමවන්තයා වගේ. එවැනි දේවලූත් දරාගෙන මම ඊට වඩා හාත්පසින්ම වෙනස් චරිතයකට ඇතුළත් වුණේ.
මේ ඔබේ කීවෙනි චිත‍්‍රපයටද?
දඩයමට පෙර මම චිත‍්‍රපට 50ක් 60ක් වගේ කරලා තියෙනවා.
ඒ කියන්නේ මීට පෙර පේ‍්‍රමණීය චරිතයක් කරපු නිසා ඒ තරම් බනින්න නැතිව ඇති?
ආදරණීය පෙම්වතාගෙ චරිත, ආදරණීය චරිත, දයාබර පියාගෙ චරිතය වගෙ චරිත කරලා හරිම ආදරණීය විදිහට හිටපු කෙනෙක් මම. ඒ නිසා ඒ චරිතයත් පේ‍්‍රක්ෂකයො ආදරෙන් තමයි වැළඳගත්තේ.
එහි සිත්ගත් දෙබස් ඛණ්ඩයක් මතක නැද්ද?
‘‘මට තමුසෙ ගැන කිසිම ආදරයක් නෑ. මට තමුසෙව බඳින්න ඕනෙත් නෑ, මට කරපු දේට. ඒ වුණාට දඩාවතේ යන බල්ලන්ට හැමදාම දඩාවතේ යන්න දෙන්න බෑ. එක්කො උන්ව වෙඩි තියල මරන්න ඕනෑ. නැත්නම් බැඳලා දාන්න ඕනෑ. ඒක නිසා මම තමුසෙව බඳිනවා.
දඩයමේ ඔබ කැමතිම රංගන අවස්ථාවක් තියෙනවද?
මහා උද්වේගකරම අවස්ථාව තමයි ස්වර්ණාව හප්පන ජවනිකාව. ඒක සිංහල චිත‍්‍රපටයක ලේසියෙන් දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද එහිදී ඇය තමා වෙතට හඹාගෙන එන රථයට දිග පොල්ලක් අරගෙන වීදුරුවට තඩිබානවා. එමඟින් වීදුරු කෑලි කෑලිවලට කුඩුවෙලා යනවා. ඒක සැබෑවටම ඒ ආකාරයටම රූප ගත කළා. ඒ ජවනිකාවට ඇත්තටම හිටියෙත් කාරෙක පදවාගෙන ආවෙත් මමමයි. ඉතින් කාරෙකේ වීදුරුවට ගහද්දී මට බයක් හිතුණා මගෙ ඇස්වලට වීදුරු කටු යයි කියලත්.
රූගත කිරීම්වලින් පසුව තුවාලවෙලා එහෙම තිබුණද?
ඔව්. ඒ රූගතකිරීම ඉවරවෙද්දී ඒ කාරෙකේ වීදුරුව කුඩුවෙලා මගෙ අත්දෙක උඩට කඩාගෙන වැටුණෙ මගෙ අත්දෙකම කැපිලා ලේ වැගිරුණා. තුවාල ගණනාවක්ම සිදුවුණා. කාරෙක ඇතුළෙත්් කැමරාවක් සවි කරලා තිබුණා. ඒකත් කැඩිලා වැදිලා තුවාල වුණා. නමුත් මගෙ මූණෙ සීනි ඇටයක් තරම්වත් සීරීමක් තිබුණෙ නෑ.
බයක් දැනුණෙම නැද්ද?
බය තිබුණා. ඇත්තටම ලොකු අවදානමක් ගන්න ඕනෑ බව තේරුණා. චිත‍්‍රපටයක වැඩ කරද්දී අවදානමක් තියෙන්න ඕනෑ. මොකද ලංකාවෙ ඒ වෙනුවෙන් යොදාගන්න ආදේශ ශිල්පීන් නෑනේ. එදා ඒ කරපු ජවනිකා අතිශය උද්වේගකර ජවනිකාවක්. දවස් 3ක් විතර ගියා රූපගත කරන්න. යාල අභය භූමියට යාබදව තියෙන හිඳිල, වියලිලා ගිය කලපුවක රූපගත කළේ. ¥විලි වැලි ඇවිස්සෙන මහා ශුෂ්ක පරිසරයක්. අව්වට පිච්චි පිච්චි රූපගත කළේ. ඉතින් එතැනදී මෙහි අධ්‍යක්ෂකවරයා වසන්ත ඔබේසේකර සමඟම මේ වෙනුවෙන් පුදුම කැපකීරීමක් කළ ප‍්‍රධාන නිළිය ස්වර්ණා මල්ලවආරච්චි, ප‍්‍රධාන කැමරා ශිල්පියා සහ වේශ නිරූපණ ශිලපියා වන ඩොනල්ඞ් කරුණාරත්න සහ ඊබට් එදිරිසිංහ කියන පිරිස පුදුමාකාර පරිත්‍යාගයක් කළා. නමුත් චිත‍්‍රපටය ඉතාමත් සාර්ථකයි. ප‍්‍රථිපලය අතිවිශිෂ්ටයි. ඒ ගැන අදටත් හිතේ තියෙන්නෙ ලොකු සතුටක්.
ධනු විජේරත්න


