(අජන්ත කුමාර අගලකඩ)
දකුණු පළාත් සභාවේ නව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස මනෝජ් සිරිසේන මහතා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ අද(4) දිවුරුම් දුන්නේය.
ජනාධිපති කාර්යාලයේ දී නව ඇමැති ධූරයේ දිවුරුම් දුන් සිරිසේන මහතා එම ධූරයට පත් කරනු ලැබ ඇත්තේ මීට පෙර එහි කටයුතු කළ වීරසුමන වීරසිංහ මහතා ඉවත් කිරීමෙන් ඇතිවූ පුරප්පාඩුව හේතුවෙනි.
දකුණු පළාත් මහ ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා මහතා පසුගිය සති කිහිපයේ එම ධූරයේ වැඩ බැලීය.

