(අමල් වික්‍රමරත්න)
දකුණු පළාතේ සිට කොළඹ දක්වා දෙවන පුද්ගලික සාමාන්‍ය සේවා බස් රථ වර්ජනය දෙවන දිනටත් ක්‍රියාත්ම වන අතර මේ වන විට පුද්ගලික බස්රථ කිසිවක් ධාවනය නොවන බව මගීහු පවසති.
ඊයේ (25) රාත්‍රී ගාල්ල කළුවැල්ල ප්‍රදේශයේදී මගීන් රැගෙන කොළඹ බලා ධාවනය වෙමින් තිබුණු කළුතර ඩිපෝවට අයත් ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථයකට ,මාදම්පා ප්‍රදේශයේදී කොග්ගල ඩිපෝවට සහ මොරටුව ඩිපෝ වට අයත් කොළඹ බලා ධාවනය වෙමින් තිබු බස් රථ දෙකකට අම්බලන්ගොඩ මාදම්පාගම ප්‍රදේශයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ දෙකකට කරන ලද පහර දීම් වලින් එම රියදුරන් දෙදෙනා සුළුතුවාල ලබා රෝහල් ගතකර ඇත.
කෙසේ නමුත් මේවන විට ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් දකුණු පළාතේ සියලුම ඩිපෝවලින් කොළඹ බලා දිවෙන සාමාන්‍ය බස් රථ ක්‍රමවත්ව ධාවනය වන බවත් අමතර බස් සේවා ගමන්වාර සකස්කොට මගීන්ගේ උපරිම පහසුව සලසා ඇතිබව සදහන් කරයි.
පුද්ගලික සාමාන්‍ය සේවා වර්ජනය හේතුවෙන් කතරගම,තංගල්ල ,අම්බලන්තොට,මාතර,දෙනියාය,අකුරැස්ස,මාතර ගාල්ල අම්බලන්ගොඩ,ඇල්පිටිය යන ස්ථාන වලින් ආරම්භවන කොළඹ දක්වා ගමන්ගන්නා සියලුම පුද්ගලික බස්රථ වර්ජනයේ නිරත වෙන බව පුද්ගලික බස් රියදුරන් පැවසීය.