(රංජන් කස්තුරි )
දකුණු පළාතේ පැතිර යමින් පවතින වෛරස් උණ රෝගය පිළිබඳව සොයා බැලිම සඳහා තවත් විශේෂඥ වෛද්‍ය කණ්ඩායම එම ප්‍රදේශවලට අද (21) පිටත් කර යැවු බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
වසංගත රෝග තත්ත්වය සොයා බැලීම සඳහා කොළඹ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ කණ්ඩායමක් මීට පෙරද එම ප්‍රදේශවලට යවා සිටින අතර ඔවුන් ඒ පිළිබඳව අවශ්‍ය කටයුතු කරමින් සිටින බවද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
දකුණු පළාතේ පැතිර යමින් පවතින එම උණ රෝගය පාලනය කිරීම සඳහා ගතහැකි උපරිම ක්‍රියා මාර්ග ගනිමින් තිබෙන බවද එම අමාත්‍යංශය පවසයි.