දකුණේ පැතිරෙන වෛරසය ගැන මහ ඇමැති වාර්තාවක් ඉල්ලයි


 (ජේ.කේ.එල් චාමින්ද)


දකුණු පළාතේ දරුවන් අතර පැතිරියන වෛරස් උණ රෝගය පිළිබද  හා දැනට මෙම රෝගි තත්වයට ලක්විමෙන්  දකුණු පළාතේ සියලුම  රෝහල්වල නේවාසික ප්‍රථිකාර ලබන රොගින් ගැන සම්පුර්ණ වාර්තාවක් තමන් වෙත ඉදිරිපත් කරණ ලෙස දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය හා  පළාත් සෞඛ්‍ය  ඇමති ෂාන් විජේලාල් ද සිල්වා මහතා විසින් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා වෙත උපදෙස් ලබා දි ඇත.


 උණ රෝගය වැළදිමෙන් දැනට ප්‍රථිකාර ලබන නේවාසික රෝගින් ගැන දත්ත ලබාගෙන එහි තොරතුර වසංගත රෝග ඒකකයට දන්වා පාසල් වැසිම ගැන මෙන්ම ඉදිරි කටයුතු ගැන උපදෙස් ලබාගන්නා ලෙස ප්‍රධාන අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දි  තිබේ.


 දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්විමේ දි. වෛරස් උණ රෝගය පිළිබද මන්ත්‍රිවරුන් දැනුවත් කිරිමට දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජී. විජේසුරිය මහතා විසින් පියවරගෙන ඇත.


 මෙහිදි මන්ත්‍රිවරුන් මෙම උණ රෝගය ගැන මෙන්ම  එය වලක්වා ගැනිමට ගෙන ඇති පියවරවල් කුඩා දරුවන් මියයාම ගැන දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාගෙන් ප්‍රශ්න කොට තිබේ. 


මේ ගැන දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක පි විජේසුරිය මහතාගෙන් අප කළ විමසුමකදි මේසේ කිවේය.
 වෛරස් උණ රෝගය ගැන පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් දැනුවත් කිරිමට මා කටයුතු කළා..රටට ආදරය කරන පුරවැසියෙකු විදියට රාජ්‍ය සේවකයෙකු විදියට තමයි  මම තින්දු  තිරණ ගන්නේ කියලා කිවා. මේ ගැන  වැරදි ප්‍රචාර තුලින් රටට වන හානිය ගැන  මම පැහැදිලි කළා.  මෙකි වෛරසය සුළග මගින් තමයි බෝවෙන්නේ   වලක්වා ගැනිම තමයි කළයුත්තේ. 


මේ සදහා එන්නතක් පවා නැහැ. ලෝකයේ වෙනත් රටවලද මෙම වෛරස් උණ පැතිරෙනවා.  මෙම වෛරස් උණ වැළදිමෙන්දරුවන් හතයි මියගොස් තියෙන්නේ  අප්‍රෙල් මාසයේ මුල ඉදලා තමයි මෙම වෛරස් තත්වය ඇති වුණේ.
 දැනට මෙකි වෛරස්  උණෙන් රෝගින් 350ක් විතර නේවාසික  ප්‍රථිකර ගන්නවා .

 

මේ  කාලය තුල 800ක් විතර ප්‍රථිකාර අරන් තියෙනවා. කුඩා දරුවන් 100ක්  විතර සිටින බවද පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.