දකුණේ පාසල්වලට අවේලාවේ යන්න බෑ


දකුණු පළාතේ සියලූම පළාත් සභා පාසල්වලට ලබන සඳුදා සිට අවේලාවේ කිසිවකුටත් ඇතුළුවීමට ඉඩ නොදෙන බව පළාත් අධ්‍යාපන ඇමැති චන්දිම රාසපුත‍්‍ර මහතා කියයි. තෙලිජ්ජවිල රාජකීය විදුහලේ දී දැරියක කෙළෙසීමේ සිද්ධියෙන් පසු ගාල්ලට රැස්වූ අධ්‍යාපන අධ්‍යක්ෂවරු මේ තීරණය ගත්හ. මේ අතර එම සිද්ධිය සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍යංශය ද විභාග කොමසාරිස් ද  කණ්ඩායම් දෙකක් පත් කැර ඇත.