දකුණේ උප පොලිස්පතිගේ පෙත්සමට අවසර


නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතාට සේවා දිගුවක් ලබාදීමට එරෙහිව දකුණු පළාත් බාර නියෝජ්‍ය පොලිස්පති දයා ගුණවර්ධන මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනිමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) අවසර ලබා දුන්නේය.

මෙම පෙත්සම නොවැම්බර් 11 වැනිදා විභාගයට ගැනීමට නියමිතය. බුවනෙක අළුවිහාරේ, අනිල් ගුණරත්න සහ සිසිර ද ආබෲ යන මහත්වරුන්ගෙන් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි.

පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ආරක්ෂක ඇමැති මෛත‍්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික‍්‍රමසිංහ, නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

නියෝජ්‍ය පොලිස්පති ගාමිණි ගුණරත්න මහතාට සේවා දිගුවක් ලබාදීම නීතියට පටහැනි බවත්, එමඟින් තමාට හිමිවිය යුතු උසස්වීම් නොලැබෙන බව හා ඉන් තම මූලික අයිතිවාසිකම් කඩවන බවද දකුණු පළාත් බාර නියෝජ්‍ය පොලිස්පති දයා ගුණවර්ධන මහතා කියා සිටී.