දකුණෙන් පළාත් අටක ආදායම් බලපත්‍ර නිකුත් කරයි


(යොහාන් භාසුර)

බස්නාහිර පළාතේ ලියාපදිංචි මෝටර් රථ හැර සෙසු සියලුම පළාත්වල මෝටර් රථවල ආදායම් බලපත්‍ර දකුණු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සහ එම පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබාගත හැකි බව දකුණු පළාත් ලේකම් සුමිත් අලහකෝන් මහතා පැවසීය.

එම ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ඊයේ (3) සිට ක්‍රියාත්මක වන බවත් වෙනත් පළාතක ආදායම් බලපත්‍රයක් වෙනුවෙන් රුපියල් 100 ක අමතර මුදලක් අයකරන බවත් අලහකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.