පුෂ්පකුමාර ජයරත්න
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමට ආසන්නයේ දී අද (31) පෙරවරුවේ එම මාර්ගයේ ධාවනය වෙමින් තිබු ජිප් රථයක් හදිසියේ ගිනි ගෙන විනාශ වී තිබේ.
ගින්න හටගන්නා අවස්ථාවේ දී එහි රියදුරන් පමණක් සිට ඇති අතර ඔහු පිළිස්සුම් තුවාල ලබා ඇත.
පසුව එම මාර්ගයේම ධාවනය වු වෙනත් වාහනයකින් තුවාල ලැබු රියැදුරා රෝහල් ගත කිරිම සඳහා ගෙන ගිය බව පැවසේ.
ගින්නට හසුවු රථය කොට්ටාව දෙස සිට කඩවත දෙසට ගමන් කරමින් තිබු බවත් ගිනි නිවන රථ එම ස්ථානයට ළඟාවී ඇත්තේ විනාඩි 40කට පමණ පසුව බව පැවසේ.