බිමල් ශ්‍යාමන් ජයසිංහ
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුදුගහ හැතැප්ම කිලෝමීටර් 65 කණුව අසල දී නවතා තිබු කන්ටේනර් රථයක වෑන් රියක් ගැටීමෙන් වෑන් රියේ සිටි ඕස්ට්‍රේලියානු ජාතික මව හා දියණිය මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.
සිද්ධියෙන් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ ඕස්ට්‍රේලියානු ජාතික කොලීන් ලුවිස් මොනිකා (37) හා ඇයගේ දියණිය වන කොලීන් පොපි ග්‍රේබ්බියල් (7) දැරියයි.