ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට මතු වී ඇති ප්‍රශ්න නිරාකරණය වීමෙන් පසු තමා නව රජයට සහයෝගය දෙනවාද නැද්ද යන්න ගැන තීරණයක් ගන්නා බව දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා මහතා පැවසීය.
ඔහු එසේ පවසුවේ ඔහු රජයට එක්වන බවට පැතිර යන කතාවේ ඇත්තක් තිබේදැයි විමසූ අවස්ථාවේ දී ය.
‘තාම තීරණයක් ගෙන නැහැ. පක්ෂයේ ප්‍රශ්න අවසන් වන තුරු බලන් සිටිනවා. තීරණයක් ගන්නේ ඉන් පසුවයි.‘ මහ ඇමැති දුරකතනයෙන් කීවේය.

