දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍ය ආරියතිලක නික්ම යයි


(සිරංගිකා ලොකුකරවිට)

දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයකු වූ නීතිඥ යූ.ජී.ඩී.ආරියතිලක මහතා අද (27) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී අභාවප්‍රාප්ත වූයේය.


වසර 15ක් අඛණ්ඩව දකුණු පළාත් සභාවේ විවිධ අමාත්‍යධූර දැරූ ආරියතිලක මහතා මියයනවිට 69 වැනි වියේ පසුවූයේය. කරාපිටිය ශික්ෂණ රෝහලේ දී හදවත් සැත්කමක් සිදුකර සිටිය දී ඔහු මෙලෙස මියගියේය. උඩලමත්ත ගමගේ දයාවංශ ආරියතිලක නමැති ඔහු කවුරත් දන්නේ යූ.ජී.ඩී. යන නමිනි.

ආරියතිලක මහතා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය.

විද්‍යාලයේ නේවාසික ශිෂ්‍යයකු ලෙස 1962 සිට 1971 දක්වා කාලය තුළ ඉගෙනුම ලැබූ ආරියතිලක මහතා කණිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් කණ්ඩායම් වල සාමාජිකයකුද වූ අතර 1966 වසරේදී වයස අවුරුදු 16 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ද දරා ඇත. හෙතෙම පාපන්දු ක්‍රීඩකයකු මෙන්ම මලල ක්‍රීඩකයකුද වූයේය.  

ඔහුගේ දේහය අද රාත්‍රී රිච්මන්ඩ් කන්දේ නිවසට ගෙන ඒමට නියමිතය.