දකුණු පළාත් වැය ශීර්ෂ දෙකක් පරාජය කිරීමේ තීරණයක්


(චන්ද්‍රසිරි ගුණසේකර)
 
දකුණු පළාත් සභාවේ අයවැය අද(12) ඉදිරිපත් කිරීමට නියමිත අතර එහිදී අමාත්‍යංශ දෙකක පමණ වැය ශීර්ෂ පරාජය කිරීමේ තීරණයක් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ගෙන ඇතැයි දැනගන්නට තිබේ.
මේ පිළිබඳව එම මන්ත්‍රී කණ්ඩායම හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් ඊයේ(11) රාත්‍රී පැවැති බව ද වාර්තා වේ.