දකුණු පළාත් මහ ඇමතිට දෝෂාභියෝගයක්


 නිමල් අල්ගෙවත්ත සහ අමල් වික්‍රමරත්න 

දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රම්‍රඛ අමාත්‍ය මණ්ඩලයට එරෙහිව ඉදිරි සතියේ දී දෝෂාභියෝගයක් ගෙන එන බව දකුණු පළාත් සභා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා පවසයි. 

‘‘දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු ඇමතිවරුන් දිගින් දිගටම පළාතට වැඩක් නොකර මෙසේ නිකන් සිටින නිසා විශ්වාස භංගයක් ගෙනවිත් ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයම ඉවත් කරන්න කටයුතු කරනවා. ප්‍රේමදාස මහත්මයාගේ නම කිව්වාම ගම් උදා තියෙනවා. ලලිත් ඇතුලත් මුදලි කිව්වාම මහපොල තියෙනවා. ගාමිණි දිසානායක කිව්වාම මහවැලිය තියෙනවා. මහින්ද රාජපක්ෂ කිව්වාම යුද්දේ දිනපු එක සහ රටේ සංවර්ධනය තියෙනවා. නමුත් දකුණේ මහ ඇමති තුන්පාරක් මහ ඇමති වෙලත් දකුණට කරපු කිසිම දෙයක් නෑ. ඒ නිසා තව දුරටත් මේ ප්‍රධාන අමාත්‍යවරයා සමඟින් කටයුතු කරන්න අපි සුදානම් නෑ.‘‘

ලලිත් බෙදුවට, සාරි බෙදුවට, අම්මලාට අංගුලිමාල පිරිත් කිව්වට දකුණ සංවර්ධනය වෙන්නේ නෑ. ඒකට හරි වැඩ පිළිවෙලක් තිබිය යුතුයි. එහෙම වැඩ පිළිවෙලක් ප්‍රධාන අමාත්‍යවරයාට නෑ. අමාත්‍ය මණ්ඩලයට නෑ. මේ තත්වය අපිට තව දුරටත් ඉවසන්න බෑ. අපිට මේ දැඩි තීන්දුව ගන්න වෙනවා. සමහරු කියයි බෑ කියලා. නමුත් අපි දන්නවා කරන විදිය.‘ යයිද ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා පවසයි.