සෝල්හිදීය (ඒ.එෆ්.පී)
දකුණු කොරියානු ජාතිකයකන් වසරකට සුනඛයන් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් මස් ලෙස පරිභෝජනයට ගන්නා බව වාර්තා වේ.
කෙසේ නමුත් දකුණු කොරියාව තුළ ක්‍රියාත්මක සත්ව සංවිධාන ආදී ජාත්‍යන්තර සංවිධානවලින් එල්ල වී තිබෙන විරෝධතා හා ප්‍රබල විවේචන හේතුවෙන් මේ තත්ත්වය වෙනස් වෙමින් පවතින බව පැවසේ.
මේ අනුව පසුගිය තෙවසරක කාලයේදී ප්‍රධාන පෙළේ සුනඛ මස් වෙළෙන්දන් 10කට වැඩි පිරිසක් වන්දි ලබාගනිමින් සුනඛ මස් විකිණීම නවතා තිබේ.
සුනඛයන්ගේ රතු පැහැයට හුරු මස ශක්තිය වඩවන බව පැවසේ. කෙසේ නමුත් මේ වනවිට දකුණු කොරියාවේ සුනඛ මස් වෙළෙඳාම ක්‍රමයෙන් කඩා වැටෙමින් තිබෙන බව ව්‍යාපාරිකයෝ පවසති.
සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටින ක්‍රියාකාරීන් අන්තර්ජාලය ඔස්සේ පෙත්සම් ක්‍රියාත්මක කිරීමත් ලබන වසරේදී දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත ශීත ඝෘතු ඔලිම්පික් උළෙල වර්ජනය කරන්නැයි අනෙකුත් රටවලින් කරන ලද ඉල්ලීමත් එම කඩාවැටීමට හේතු වී තිබේ. එම තත්ත්වයත් සමඟ සුනඛයන් මසට ගැනීමට සුරතල් සතුන් ලෙස ඇති කිරීමේ ප්‍රවණතාවක් ඇති වී ඇතැයිද වාර්තා වේ.
055

