දකුණු කොරියාවේ මහ මැතිවරණයෙන් එරට පාලක පක්ෂය වන ජනාධිපති මූන් ජයින් මහතාගේ පක්ෂයට තීරණාත්මක ජයක් හිමිවී තිබේ.
කොරෝනා වෛරසයට දකුණු කොරියානු රජය දක්වන ප්‍රතිචාරවලට ජනතාව සහාය දැක්වීම මෙම ජයග්‍රහණයට හේතුවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
කොරෝනා වෛරසය ලොව පුරා පැතිරයාම ආරම්භ වීමත් සමඟ ජාතික මැතිවරණයක් ප්‍රථම වරට පැවැත්වූ රට දකුණු කොරියාව වෙයි.
සමාජ දුරස්ථනා මාර්ගෝපදේශ සහ දැඩි සෞඛ්‍යාරක්ෂිත සීමා හමුවේ ඊයේ මැතිවරණය පැවැත්වුණි.
මැතිවරණයෙන් ජනාධිපති මූන් ජයින් මහතාගේ ඩිමොක්‍රටික් පක්ෂය එරට ජාතික සභාවේ ආසන 300 කින් ආසන 163 ක් දිනා ගැනීමට සමත් විය.
එම පක්ෂයට සහාය පළකළ ප්ලැට්ෆෝම් පක්ෂය ආසන 17 දිනා ගෙන ආණ්ඩුවට සමස්ත ආසන 180 ක් හිමිකර දුන්නේය.
පක්ෂ 35 කින් අපේක්ෂකයෝ මැතිවරණයට ඉදිරිපත් වී සිටිහය.
කෙසේ වුවත් ඩිමොක්‍රටික් පක්ෂය සහ කන්සවේටිව් විපක්ෂය අතර මැතිවරණ සටන පැවතුණි.
වසර 16 ක් තුළ ප්‍රථම වතාවට වාමාංශික පක්ෂ සිය බහුතර බලය ආරක්ෂා කර ගැනීමට සමත් වූ ප්‍රථම අවස්ථාව මෙය වෙයි.
(බීබීසී ඇසුරෙනි)
-226-


