සෝල්හිදීය (ඒ.එෆ්.පී)
දකුණු කොරියාව සමඟ එක්සත් වෙමින් උතුරු කොරියාවේ වේලාව මිනිත්තු 30කින් වැඩි කරන බව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අද (29) ප්‍රකාශ කළේය.
රටේ වේලාව දකුණු කොරියාවේ කාල කලාපය සමඟ සමාන වීම උදෙසා මෙම පියවර ගන්නා බව උතුරු කොරියානු නායකයා පැවැසීය.
නායකයන් දෙදෙනාගේ හමුවෙන් පසු සුහඳතාව වර්ධනය කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව හෙතෙම ප්‍රකාශ කර තිබෙන එතර ඒ අනුව දකුණු කොරියාවේ වේලාවට සමාන වෙමින් තම රටේ වේලාව පැය භාගයකින් ඉදිරියට ගන්නා බව උතුරු කොරියානු නායකයා කීවේය.
වසර 2015 තෙක් උතුරේ සහ දකුණේ එකම වේලාවක් පැවැති අතර එම වසරේදී උතුරු කොරියාව හදිසියේම ඔවුන්ගේ වේලාව පැය භාගයකින් පසුපසට ගත්තේය.
(055)