දකුණු කොරියාවේ ධීවර රැකියා සඳහා යාමට ශ්‍රී ලාංකිකයින් සඳහා පැවැත්වෙන භාෂා ප්‍රවීණතා විභාගයට මේ මස 19 වැනිදා සිට 20 දක්වා අයදුම්පත් කැඳවන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.
තංගල්ල, ගාල්ල, මාතර, සීදුව සහ ත්‍රිකුණාමලය යන පුහුණු මධ්‍යස්ථානවලදී මෙම අයදුම්පත් නිකුත් කෙරේ.
වයස අවුරුදු 18 සිට 39 දක්වා වයස් සීමාවේ පසුවන ධීවර පළපුරුද්ද ඇති අයට මේ සඳහා අයදුම් කළ හැකි බවත් වැඩි විස්තර www.slbfe.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවත් කාර්යාංශය කියයි.

