(ක.ග කරුණාරත්න)
පොළොන්නරුවේ ඉදිවන දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහලට මුල්ගල් තැබීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (6) පෙරවරුවේ සිදු කෙරිණි.
මෙම රෝහල චීන සමූහ ආණ්ඩුවේ මුදල් පරිත්‍යාගයක් මත ඉදිකෙරෙන අතර ඒ සදහා වැය කෙරෙන මුදල රුපියල් කෝටි 1200 කි.
මෙම රෝහල නවීනතම පරීක්ෂණාගාර සහ අධිතාක්ෂණික පහසුකම් වලින් සමන්විතය. වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම, රුධිර කාන්දුකරණ සේවා ඇතුළු සායනික සේවාවන්, රසායනාගාර සේවාවන්, උපදේශන සේවාවන් ආදී සියලුම සේවාවන් මෙම රෝහල මගින් සැපයෙන අතර මූලික ප්‍රතිකාර ඒකකයක්, බාහිර ප්‍රතිකාර ඒකකයක්, ඇඳන් 200 කින් යුතු නේවාසික රෝගීන් ප්‍රතිකාර ඒකකයක්, රුධිර කාන්දුකරණ ඇඳන් 100 ක් සහිත නවීන පහසුකම්වලින් යුත් ශල්‍යාගාර, දැඩිසත්කාර ඒකක දෙකක් සහ ලේ බැංකුවක් ද ඊට අයත් වේ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති යී සියංලියාන්ග්, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න යන මහත්වරු ද සහභාගී වූහ.





