අමල් වික්‍රමරත්න
දිවයීන ආසන්නයේම ඇතිවී තිබෙන තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන්,බොහෝ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් දිවයිනේ දකුණු අර්ධයේ මිලි මීටර්100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද(20) සවස නිකුත් කර ඇති නිවේදනයක සදහන් වේ.
දිවයිනට දකුණු සහ ගිනිකොන දෙසින් වන මුහුදේ ගැඹුරු ප්‍රදේශවල තද වැසි සමග ක්ෂණිකව පැයට කිලෝමීටර 70-80 අතර ප්‍රමාණයක සුළං ඇතිවිය හැකි බව නිවේදනයේ සදහන් වේ.
මෙම සුළං තත්වයත් සමග මුහුද රළු විය හැකි බැවින් ධීවර සහ නාවික ප්‍රජාවට සැලකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා අනාවැකියේ සදහන් කර ඇත.

