දකුණු අප‍්‍රිකාවට කඩුලූ 10 ක ජයක්


ශ්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර කේප්ටවුන්හිදී පැවැති තෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් දකුණු අප‍්‍රිකානු පිල කඩුලූ 10 ක ජයක් ලබා ගැනීමට සමත් විය. දකුණු අප‍්‍රිකාව තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ද 2-1 ක් ලෙස ජය ලැබීය. තරගයේ සිවුවැනි දිනය වන අද (06) තේ විවේකයට පෙර ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම සඳහා ලකුණු 342 ක් රැුස්කරමින් ඉනිම පරාජයෙන් ගැලවුණේය. දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම කඩුලූ 4 ට 580 සහ දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 2 ශ්‍රී ලංකාව පළමු ඉනිම 239 සහ දෙවැනි ඉනිම 342