දකුණු අප‍්‍රිකාව තුන්වැනි තරගයත් ජය ලබයි
ශ්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ බ්ලූම්ෆොන්ටයින් නුවරදී පැවැති තෙවැනි තරගයෙන් දකුණු අප‍්‍රිකාව ලකුණු 4 ක (ඩක්වත් ලූවිස්) තියුණු ජයක් ලබාගැනීමට සමත් විය.
ශ්‍රී ලංකාව ඕවර 50 යේදී කඩුලූ 9 ට 266 (උපුල් තරංග 58, තිලකරත්න ඩිල්ෂාන් 33, කුමාර් සංගක්කාර 38, දිනේෂ් චන්දිමාල් 36, මහේල ජයවර්ධන 15, නුවන් කුලසේකර 40, කෝසල කුලසේකර 19, මෝනි මෝකල් 65/2)
දකුණු අප‍්‍රිකාව ඕවර 34 කදී කඩුලූ 5 ට 179 (ෆෆ් ඩියු ප්ලෙසි ‐72, ජේ.පී. ඩූමිනි ‐25, ඒ.බී. ඩිවිලියර්ස් ‐ නොදැවී 39, ලසිත් මාලිංග 20/2)

