දකුණු අප‍්‍රිකාව කඩුලූ 6 ට 136 යි
සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අපි‍්‍රකානු පිල අතර ඩර්බන් නුවරදී දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ ජයග‍්‍රහණය සඳහා ලකුණු 450 ක දැවැන්ත ඉලක්කය හඹායන දකුණු අප‍්‍රිකානු පිල සිවුවැනි දිනය වු අද (29) තේ විවේකය සඳහා ක‍්‍රීඩාව නතර කරන විට කඩුලූ 6 ක් දැවී ලකුණු 136 ක් රැුස්කර සිටියේය. මේ අනුව දකුණු අප‍්‍රිකාව කඩුලූ 4 ක් පමණක් අතැතිව ලකුණු 314 ක් පසු පසින් සිටියි.

