තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කේප් ටවුන්හි නිව්ලන්ඞ්ස් ක්‍රීඩාංගණයේදී අද (19) පැවැති පළමු විස්සයි-20 තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම සුපිරි ඕවරය ජයගත්තේය.
දෙපිලේම ලකුණු (134) සමවීම හේතුවෙන් ලසිත් මාලිංග විසින් යවන ලද සුපිරි ඕවරයේදී ඬේවිඞ් මිලර් (13) සහ රාසි වැන්ඩසන් (1) එක්ව ලකුණු 14 ක් ලබාගත්හ. ශ්‍රී ලංකාව වෙනුවෙන් පිටියට පිවිසි තිසර පෙරේරා (02) සහ අවිශ්ක ප්‍රනාන්දුට (01) ඉම්රාන් තහීර් විසින් යවන ලද සුපිරි ඕවරයේදී ලබාගත හැකිවූයේ ලකුණු 03 ක් පමණි. අනෙක් ලකුණ වයිඞ් පන්දුවකින් ලැබිණ.
දකුණු අප්‍රිකාව මෙම ජයත් සමග 1-0 ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගත්තේය.

තරගයේ වැඩිවිස්තර සඳහා https://tinyurl.com/y2ynfcws වෙත පිවිසෙන්න.
- 048

