
(යොහාන් භාසුර)
දකුණු අප්‍රිකානු පිල විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට අද (27) පෙරවරුවේ සමත් විය.
දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ අද පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී කඩුලු 9 කින් ඇෆ්ගනිස්තානය පරාජය කිරීමට සමත් වූහ.
පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන් පිල ඕවර 11.5 කදී ලකුණු 56 කට සියලු දෙනා දැවී ගියේය. දකුණු අප්‍රිකාව ඕවර 8.5 කදී කඩුල්ලක් පමණක් දැවී ලකුණු 60 ක් රැස්කළේය.

