දකුණු අධිවේගේ කිලෝමීටර් 7ක අවදානම් කලාපයක්


දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව කොක්මාදූව අතර කිලෝ මීටර් 7 ක් අවදානම් කලාපයක් ලෙස නම්කර ගමනාගමනය නතර කළ බව මාර්ග අධිකාරියේ නිලධාරීහු කියති.

කොක්මාදූව අසල අධිවේගී මාර්ගයට මීටර් 5ක් ඈතින් මීටර් 60ක් උස කන්දක් නාය යාමේ තර්ජනයට ලක්ව ඇතැයි මාතර ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ මේජර් එරික් සොයිසා කියයි.

ඔහු කියනුයේ මෙම කන්ද කොන්ක්‍රීට් යොදා සවි ගන්වා තිබූ බවයි. මාතර දිසාපති ගොඩනැගිලි පර්යේෂණ ආයතනය හා අමාත්‍යංශ නිලධාරීන් සමග අද පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.

disaster20151002_061059 disaster20151002_0610529

ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ