දකුණු අධිවේගයේ කහතුඩුව පිවිසුම තාවකාලිකව වහයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව සහ කොට්ටාව අතර ප්‍රදේශයේදී, කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ බවුසරයක් පෙරළීමෙන් කහතුඩුව පිවිසුම තාවකාලිකව වසා දමා තිබේ.
 
මේ හේතුවෙන්  මාතර ප්‍රදේශයේ සිට පැමිණෙන වාහන කහතුඩුවෙන් පිටව යාමට සලස්වා ඇත.
 
කොට්ටාව පිවිසුමට කිලෝමීටරයක් පමණ කහතුඩුව ප්‍රදේශය ආසන්නයේදී බවුසරය පෙරළී තිබේ.
 
මේවනවිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් පවතී.