දකුණත් බස්නාහිරත් විසිරැවෙයි


දකුණු සහ බස්නාහිර පළාත් සභා විසුරුවා හරින ලෙස ඉල්ලීමේ ලිපි ප්‍රධාන අමාත්‍යවරු විසින් ආණ්ඩුකාරවරුන්ට භාර දී ඇත. දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා පවසන්නේ පළාත් සභාව විසුරුවා හරින ලෙස ඉල්ලා කුමාරි බාලසූරිය ආණ්ඩුකාරවරියට ලිපියක් භාරදුන් බවයි. බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ද අද අදාළ ලිපිය අලෙවි මව්ලානා ආණ්ඩුකාරවරයාට භාරදුන්නේය. 12 දා මධ්‍යම රාත්‍රියේ පළාත් සභා දෙක විසුරුවා හැරීමට නියමිතය. පළාත් සභා විසුරුවා හැරීමෙන් පසු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කරනු ඇත. මාර්තු අග මැතිවරණය පැවැත්වෙනු ඇතැයි පැවසේ.