දකුණ ම දෙමළ අනා ගනී


දකුණු පළාතේ 11 ශ්‍රේණියේ දෙවැනි වාර විභාගයට නියමිත දෙමළ ප්‍රශ්න පත්‍රය අද බෙදා දීමට නියමිතව තිබුණ ද පාසල්වලට ප්‍රශ්නපත්‍ර ලැබී නැත. ගුරුසංගම් නියෝජිතයන් පවසන්නේ කඩිනමින් ප්‍රශ්නපත්‍රයක් සාදා දෙන්නැයි විදුහල්පතිවරුන්ට උපදෙස් ලැබී ඇති බවයි. රාමසාන් උපවාස ක්‍රියාත්මක කාලයක් බැවින් දෙමළ මාධ්‍ය පාසල් විදුහල්පතිවරුන්ගේ ඉල්ලීම හේතුවෙන් අද දෙමළ භාෂා ප්‍රශ්නපත්‍රය 11 ශ්‍රේණියේ සිසුන්ට නොදුන් බව දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජයතිස්ස බ්ලොක් මහතා කියයි.