දක්ෂිණ අධිවේගීයේ ගමනා ගමනය යථා තත්ත්වයට


(අමල් වික්‍රමරත්න )
 
දක්ෂිණ අධිවේගී මාර්ගයේ  ගමනාගමන කටයුතු  සාමාන්‍ය පරිදි  සිදු කිරීමට අවශ්‍ය කටයුතු  මේ වන විට සකසා ඇතැයි අධිවේගී මාර්ග තොරතුරු මධ්‍යස්ථානය කියයි.
 
 අද දහවල්  කහතුඩුව  ආසන්නයේදී  වාහන 6 ක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට වාහන ගමන් ගන්නා මාර්ගය එක් මං තීරුවකට සීමා කර තිබිණි. පැය කිහිපයකට පසු එය යථා තත්ත්වයට පත් කිරීමට හැකි වූ බව  අධිවේගී මාර්ග පොලිසිය සඳහන් කළේය.
 
එම අනතුරින් තුවාල ලැබූ දෙදෙනෙකු රෝහල් ගතකිරීමටත් සිදු වි තිබිණි.
 
කෙසේ නමුත් අධික වැසි හේතුවෙන් අද දින පනවා තිබු වේග සීමාවන් තවමත් ක්‍රියාත්මක බවත්  රියදුරන්ට ඉතාම සැලකිල්ලෙන් රිය පදවන ලෙසටත් පොලීසිය මහජනතාවට දන්වා සිටි.